FAST NEWS

24×7 Around the Globe

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට භාවිතයට අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත.   

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් මේ බව සඳහන් කර සිටියේය.