FAST NEWS

24×7 Around the Globe

කොළඹට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට (23) පෙරවරු 9 සිට ලබන ඉරිදා පෙරවරු 09 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.  

ඒ අනුව කොළඹ 01, කොළඹ 02 සහ කොළඹ 03 ප්‍රදේශ වලටත් කොළඹ 7, 8, 9, 10, 11 සහ 12 යන ප්‍රදේශ සදහාත් මෙම කාලය තුළදී ජල සැපයුම අත්හිටුවනු ඇති.