FAST NEWS

24×7 Around the Globe

නුවරඑළිය වලපනේ රික්ටර් මාපකයේ ඒකක 1.8 ක සුළු භූ චලනයක්

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – නුවරඑළිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද අලුයම සුළු භූ චලනයක් සිදුව ඇතැයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.  

පල්ලේකැලේ පිහිටි භූ විද්‍යා මධ්‍යස්ථානයේ මාපකවල මෙම කම්පනය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 01.08 ක් ලෙසයි.

අද අලුයම 03. 29 ට පමණ එම කම්පනය හටගෙන ඇත.