FAST NEWS

24×7 Around the Globe

මානව හිමිකම් කඩවීම් සෙවීමේ කමිටු විමර්ශනයට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සොයා බලා ඒ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස් ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.    

ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බව වාර්තා වෙයි.

විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.