FAST NEWS

24×7 Around the Globe

ශානි අබේසේකර යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනාව පෙබරවාරි මස 3 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා අද (21) නියම කලේය.   

ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එච්.ඩි.නවරත්න ප්‍රෙමතිලක යන සැකකරුවන් තිදෙනාව මෙසේ නැවත රිමාන්ඩ් බාරයට පත් කෙරුනි.