FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන නීති කඩකළ තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 103 කට නඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ නිරෝධායන නීතිවලට පටහැනිව ක්‍රියා කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන වැටලීමේ මෙහෙයුම වලින් ඊයේ ආයතන 103 කට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසයි.   

එසේම මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතෙන් පිටතදී පුද්ගලයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අද වන විට දිවයිනපුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පිරිස 2600 ට අධික බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.