FAST NEWS

24×7 Around the Globe

අද සිට ගුවන්තොටුපොළ විවෘත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය අද දිවයිනට පැමිණ තිබේ.  

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඕමානයේ මස්කට් නුවර සිට එලෙස මෙරටට පැමිණි බවයි.

මේ අතර තව ත් ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, මාලදිවයින, පකිස්ථානය, තුර්කිය, බහරේන් ඇතුළු රටවලින් අදාළ පිරිස පැමිණිමට නියමිත බවය.

එසේ පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනයට ‍යොමු කෙරෙනු ඇත.