FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ කිහිප දෙනෙකුට කොවිඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හඳුනාගෙන තිබේ.   

එම නිලධාරීන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ද නිරෝධායනයට යොමු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේවෙතත් අමාත්‍යංශයේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බවද රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.