FAST NEWS

24×7 Around the Globe

සිසු විරෝධයට පොලීසිය හැසිරුණූ හැටි ගැන අගමැති විමසයි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (29) පැවැත්වූ ශිෂ්‍ය විරෝධතාවයේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපනට උපදෙස් දී තිබේ.

අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව පැවැත්වූ මෙම විරෝධතාවට පොලිසිය කඳුලූ ගෑස් ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළේය.

එහිදී තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.සිද්ධියේදී පොලිස් නිලධාරින් 5 දෙනෙකු ද තුවාල ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් 39 දෙනෙකු අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.