FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පාසල් සඳහා මාර්ගෝපදේශ දෙසතියක් තුළ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියළු ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සති දෙකක් තුළ මාර්ගෝපදේශ සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.  

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු සඳහන් කළේ පාසල් ආරම්භ කළ හැකි වාතාවරණයක් මේ වන විට බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලින් නිරීක්ෂණය වන බවයි.