FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු සැසිය හෙට සහ අනිද්දාට පමණක් සීමාවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකක් පමණක් පැවැත්වීමට අද (18) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත.   

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙනු ඇති.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වන්නේ දැයි තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව අද (18) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්විය.