FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති අදත් ජනපති කොමීසමට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදත් බරපතල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණීයේය.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දැන්වීම්වලට අදාළව මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීම සඳහා මෙසේ කැඳවා ඇත.

ඊයේ (29) දිනයේත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.