FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් සරසවි සිසුන් අද අධිකරණය හමුවට.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවෙමින් ඊයේ (29දා) සවස අවට මාර්ග අවහිර කර පොලිස් නිලධාරීන්ට පහරදීමේ චෝදනාවට අත්ඩංගුවට ගත් අන්තර් උසස් ගණකාධිකරණ පාඨමාලාව හදාරණ ශිෂ්‍යයන් 39 දෙනා අද (30දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් අත්අඩංගුවට ගත් පිරිස අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනමක්, ශිෂ්‍යාවන් 05 දෙනෙක් හා ශිෂ්‍යයෝ 32 ක් වෙති. මෙම සියලුම දෙනා බම්බලපිටිය පොලිස් ස්ථානයේ රඳවා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.