FAST NEWS

24×7 Around the Globe

දෛනික ආසාදිතයන් වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ (15) වාර්තාවූ ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම සංඛ්‍යාව 168 ක්.   

කොළඹින් 147 ක් , මහනුවරින් 90 ක් , කලුතර හා ගාල්ලෙන් ආසාදිතයන් 34 දෙනා බැගින් මෙන්ම කෑගල්ලෙන් ආසාදිතයන් 25 දෙනෙකු සටහන්වී ඇත.

මීට අමතරව වව්නියාවේ 23 ක් , මන්නාරමේ 20 ක් , කුරුණෑගල 18 ක් , රත්නපුර 17 ක් , මාතර 17 ක්, අම්පාරේ 16 ක් , පුත්තලමේ 11 ක් සහ හම්බන්තොට 10 දෙනෙකු ඊයේ ආසාදිතයන් අතර විය.

පොළොන්නරුවේ 08 ක් , මාතලේ 05 ක් , බදුල්ලේ 04 ක් , අනුරාධපුර 03 ක් , නුවරඑළියේ 03 ක් , ත්‍රිකුණාමලයේ 03 ක් මෙන්ම විදේශයන් හි සිට පැමිණි 12 දෙනෙකු ඊයේ ආසාදිතයන් අතර විය.

එමෙන්ම තවත් ආසාදිතයන් 27 දෙනෙකුගේ පදිංචි ප්‍රදේශය නිශ්චිතව හඳුනාගෙන නොමැති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.