රජයේ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් මස 05 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තියට සමගාමීව මෙම ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (29) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
මෙමගින් රජයේ ඉදිරි සංවර්ධන ඉලක්ක හා ආර්ථික කටයුතු පිළිබඳ සංවාදයක් ඇතිවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.







