FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ තවත් 493 කට PCR පරීක්ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 493 දෙනෙකුගෙන් අද දිනයේදී PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන තිබේ.   

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අතර, ආරක්ෂක අංශ සාමාජිකයින් ද වන බවයි.

කතානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 459 දෙනෙකුගේ පෙරේදා සිදුකෙරුණු PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය.