අනුරාධපුරයේ සමාජ ශාලා හිමිකරුවකු වන වසන්ත සොයිසා මහතා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට පොලිසිය මග හැර හරිමින් පලා ගොස් සිටින ආර්.ඒ. ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොකූ නැමැත්තා විදේශ ගතවීම වළකාලමින් අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ශානක කලංසූරිය මහතා අද (29) තහනම් නියෝගයක් නිකුත් කළේය.
අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට එමගින් නියෝග කර ඇත්තේ ඉරෝන් රණසිංහ නැමැති මෙම සැකකරුට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් හෝ වෙනත් ගුවන් තොටුපලකින් විදේශ ගතවීම වළක්වන ලෙසය.







