FAST NEWS

24×7 Around the Globe

මාරක රිය අනතුරුවලින් ඊයේ පමණක් මරණ 13 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාරක රිය අනතුරු හේතුවෙන් ඊයේ (14) දිනයේදී පමණක් පුද්ගල මරණ 13 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඉන් මරණ 7ක් ඊයේ දිනයේ සිදුවූ අනතුරු වන අතර, අනෙක් මරණ 6 මීට පෙර සිදුවූ රිය අනතුරුවලින් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටි අය බවයි.

මේ අතර අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කරමින් සිටි කණ්ඩායමක තරුණයින් 12 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 18ත් 25ත් අතර පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන්ට එරෙහිව අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව තිබේ.