විල්පත්තුවේ සිදුව ඇතැයි පැවසෙන වන සංහාරය පිළබදව පුළුල් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. එසේම මෙම මාතෘකාව පිළිබඳව මෙරට ජනමාධ්‍ය ඔස්සේ විවිධ අර්ථකතනයන් මේ වන විට සිදුව තිබේ .
ව්ල්පත්තුවේ සිදුව ඇතැයි කියන මෙම වන සංහාරයට ප්‍රධාන වගකිව යුත්තා ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා වෙත චෝදනා එල්ලවී ඇත..කෙසේ නමුත් අමාත්‍යවරයා තමාට එල්ලවන මෙම චෝදනාවන් සම්බන්ධයෙන් සත්‍ය තත්වය රටට පැහැදිළි කිරීමට අද (25) රාත්‍රී 9.30 ටී.එන්.එල් රූපවාහිනිය ඔස්සේ විකාශනය වීමට නියමිත ජනහඬ නම් වාර්තා වැඩ සටහනට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ .
මෙහිදී අමාත්‍යවරයා විල්පත්තුව ගැටලුවට සැබෑ වගකිවයුත්තා කවුරුන්ද යන්න අනාවරණය කිරීමට නියමිත බවද ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.








