FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ 463 දෙනෙකුට PCR පරීක්ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් 463 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදු කර තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළේය.

මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාරට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර, ඔවුන් ජනවාරි මස 05 වැනිදා ආරම්භ වූ පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

මේ අනුව පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. දර්ශන මගින් ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු හඳුනාගත් ගැනුණි.

පසුව ඔවුන්ට ස්වයං නිරෝධායනයට ලක්වී  PCR පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස දැනුම් දී ඇත.