FAST NEWS

24×7 Around the Globe

කිලෝ 20ක හෙරොයින් ඇල්ලූ මෙහෙයුම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බලපිටිය, කොස්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 20 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් බෙදාහැරීමට  මෙම මත්කුඩු තොගය සඟවා තබන්නට ඇතැයි සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය තවදුරටත්  විමර්ශන සිදු කරයි.