FAST NEWS

24×7 Around the Globe

පිල්ලයාන්ට එරෙහි මිනී මැරුම් නඩුව ඉවත් කර ගනී

(ෆාස්ට් නිව්ස් | මඩකලපුව) –  පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට එරෙහි ඝාතන නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව අධිකරණයට අද දැනුම් දී තිබේ.

ඒ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.

2005 නත්තල් උත්සවයට සහභාගී වෙමින් සිටියදී හිටපු මන්ත්‍රීවරයා මඩකලපුවේ ශාන්ත මරියා දේවස්ථානය තුල වෙඩි තබා මරා දමා තිබුණි.

එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ බෙදීමක් ඇති වූ සමයේදීයි, එම ඝාතනය සිදු කෙරුණි.

පසුව එවකට නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.