FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ රැසකට වැසි තත්ත්වය තවදුරටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. 

ඒ ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙනි.

මේ අනුව දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති වේ.

උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 – 50 දක්වා වැඩි විය හැක.