FAST NEWS

24×7 Around the Globe

හෙට දිනයේ විවෘත නොවන පාසැල් මෙන්න

(ෆාස්ට් නිව්ස් | නැගෙනහිර) – නැගෙනහිර පළාතේ හුදෙකලා කළ ප්‍රදේශවල ඇති පාසල් 32 ක් හැර සෙසු පාසල් හෙට (11) ආරම්භ කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පවසයි.  

ඒ අනුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසල් 25 ක්, කල්මුණේ ප්‍රදේශයේ පාසල් 05 ක්, තිරුක්කෝවිල් ප්‍රදේශයේ එක් පාසලක් සහ අම්පාර කලාපයේ එක් පාසලක් මෙසේ තවදුරටත් වසා තැබෙනු ඇත.

එමෙන්ම , පවතින කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් 06 ක් ද හෙට විවෘත නොකිරීමට තීරණය කර ඇත.

වව්නියාව දිසාපති සමන් බන්දුලසේන සඳහන් කළේ වව්නියාව දෙමළ මහා විද්‍යාලය, ගාමිණී ජාතික පාසල, දෙමළ කතෝලික මිශ්‍ර පාසල, රම්බකුලම බාලිකා විදුහල, සයිව ප්‍රකාශ විදුහල හා වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලය යන පාසල් මෙලෙස විවෘත නොකිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව, එම පාසල් විවෘත කරන දිනය ඉදිරි දිනකදී දැනුම්දීමට කටයුතු කරන බව ද දිසාපතිවරයා සඳහන් කළේය.

මේ අතර, අම්පාර නාගරික බල ප්‍රදේශයේ පිහිටා ඇති පාසල් කිහිපයක් ද හෙට දිනයේ විවෘත නොකිරීමට අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර තිබේ.