FAST NEWS

24×7 Around the Globe

වසර තුනකට පසු පරාක්‍රම සමුද්‍රයේ වාං දොරටු සියල්ලම ඇරේ

(ෆාස්ට් නිව්ස් | පොළොන්නරුව ) – පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ම විවෘත කර ඇත. 

එලෙස වාං දොරටු 10 ම විවෘත කරනු ලැබුවේ වසර තුනකට පසුව බවයි පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ.හේවාගම මහතා සඳහන් කළේය.

වාං දොරටු 10 න් 8 ක් අඩියක් බැගින් ද වාං දොරටු 2 ක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇති අතර මේ හේතුවෙන් ඉන් තත්පරයට ඝන අඩි 1620 ක් පිටතට මුදා හැරෙමින් පවතිනවා.

පහත් බිම් ජලයෙන් යට වීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටියි.