FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා කොටුවේදැඩි රථ වාහන තදබදයක්.

‍කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක මේ වනවිට දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා ශිෂ්‍ය එකමුතුවේ සිසුහු සහභාගි වන විරෝධතාවක් හේතුවෙන් මෙලෙස තදබදයක් ඇතිව තිබේ.

මෛ විරෝධතාවය සඳහා එක්දහස් පන්සියයකට ආසන්න සිසුනහු පිරිසක් එක්ව සිටින බව අප වාර්තාකරු සදහන් කළේය.

කොළඹ කොටුව හරහා ගමන් කිරීමට අපේක්‍ෂා කරන්නේ නම් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.