FAST NEWS

24×7 Around the Globe

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය සහ කලින් ආසන වෙන් කළ අයට මුදල් ගෙවීම අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාස ගණනාවක් නවතා දමා තිබු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහන කිරීමේ කටයුතු අද (07) දින සිට දැනට දුම්රිය ධාවනය වන ප්‍රදේශ වල ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පැවසුවේ දැනට නරක් වන සුලු පාර්සල්,හදිසි හා සීඝ්‍රගාමී පාර්සල් ප්‍රවාහනයට භාර නොගන්නා අතර,අනෙකුත් සියලුම දෑ ප්‍රවාහනය සදහා භාර ගනු ඇති බවයි.

ඊට අමතරව කොවියිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම මත දුම්රියයන් සදහා කලින් ආසන වෙන් කළ මගීන් සදහා එම වෙන් කර ගත් ආසන සදහා නැවත මුදල් ගෙවීමේ කටයුතු ද අද (07) දින සිට ඉදිරියට ලබා දීමට අවශ්‍ය පහසුකම් ද සැලසුම් කිරීමට පියවර ගන්නා බව කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.