FAST NEWS

24×7 Around the Globe

දවසේ කාලගුණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුරුව පවසයි.

විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු -මැද, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ඇතිවේ.

මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.ව පවසයි.