FAST NEWS

24×7 Around the Globe

අගමැති කළ විශේෂ ප්‍රකාශය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විදේශීය ආයතනයක් වෙත පැවරීමට හෝ එහි කළමනාකාරිත්වය භාර දීමට කිසිදු තීරණයක් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.   

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වාගැනීමට අදාලව ගෙන ඇති තීරණ මොනවාදැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.