FAST NEWS

24×7 Around the Globe

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

(ෆාස්ට් නිව්ස් |පොළොන්නරුව) – පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හයක් අද (05) අලුයම සිට විවෘත කර තිබේ.

එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස අඩිය බැගින් වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කර ඇති බවයි පොළොන්නරුව වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

මේ නිසා පහත් බිම්වල සිටින ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව වාරි ඉංජිනේරු කාර්යාලය පවසයි.