(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ දිවුරුම් දෙති.
ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදිය.
උන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මෙලෙස දිවුරුම් දුන්නේ සිව්වන වරටයි.
උන්වහන්සේ දිවුරුම්දීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති මුල් පෙළ අසුනක අසුන්ගනු ලැබුහ.








