FAST NEWS

24×7 Around the Globe

තවත් ප්‍රදේශයක් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) උදෑසන 05.00 සිට ක්‍රියාත්මක වන පරිදි මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අද උදෑසන සිට අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කර ඇති බවයි.

ඊයේ (04) පස්වරුවේ සිට එම ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.