FAST NEWS

24×7 Around the Globe

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේත් දිවයිනේ බොහෝ පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල අද (05) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් නුවර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.