FAST NEWS

24×7 Around the Globe

තවත් යුක්රේන සංචාරකයින් රැගත් ගුවන් යානයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් යුක්රේන සංචාරකයින් 97 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද පස්වරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.   

යුක්රේනයේ කිව් නුවර සිට මෙම ගුවන් යානය මෙරටට ළගා වී ඇත.

මේ අතර පසුගියදා දිවයිනට පැමිණි පළමු යුක්රේන සංචාරක කණ්ඩායම අතර සිටි 21 දෙනෙකු අදාළ ගුවන් යානයෙන් නැවත සිය රට බලා පිටත්ව ගොස් තිබේ.