FAST NEWS

24×7 Around the Globe

සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට ඉහළට

(ෆාස්ට් නිව්ස් | කැළණිවැලි) – සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද (04) සිට වැඩි කිරීමට කටයුතු කර ඇත. 

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64 ක් , මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 74 ක් , කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 12 ක් සහ උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 06 ක් මෙන්ම පුත්තලම මාර්ගයේ ගමන් වාර 26 ක් අදින් ආරම්භ වන සතියේ ක්‍රියාත්මක කෙරෙනු ඇති.