FAST NEWS

24×7 Around the Globe

පොල්මද ආනයනය ලබන සතියේ සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශීතකල පොල්මද ආනයනය කිරීමේ වැඩපිළිවෙල මේ සතියේ සිට ආරම්භ කරන බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ දිවයිනේ පවතින පොල් හිඟයත් සමඟ ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටලු අවම කර ගැනීම සඳහාය.

පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පී. එදිරිමාන්න මහතා පැවසුවේ ඉන්දුනීසියාව, පිලිපීනය හා වියට්නාමය යන රටවලින් ශීතකළ පොල්මද ආනයනය කෙරෙන බවය.