FAST NEWS

24×7 Around the Globe

ඊයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වල ප්‍රථිපල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් ඉලක්ක කර ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 108 කින්  එක් ආසාදිතයෙකු පමණක් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.


නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මෙතෙක් සිදුකර ඇති අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගණන 13,137ක් වන අතර ඉන් ආසාදිතයින් 103ක් හඳුනාගෙන ඇති බවයි.

එම ආසාදිතයන් 103 දෙනා සමග සිටි සමීප ආශ්‍රියන් 604 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.