FAST NEWS

24×7 Around the Globe

ගාලු මුවදොර සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක් හමුවී ඇති බව පොලිසිය පවසයි.  

මීට අමතරව අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 311 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් 83 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තාවී ඇති අතර , ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 44,167ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.