FAST NEWS

24×7 Around the Globe

මාවනැල්ලේ පුපුරන ද්‍රව්‍ය අතුරුදන්වීමේ සිද්ධියට සැකකරුවන් 4 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | මාවනැල්ල) – මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියක තිබූ පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 4ක්. සොරකම් කළ පුපුරන ද්‍රව්‍ය ඇතුලු සියලු භාණ්ඩ පේරාදෙණිය ප්‍රදේශයේ තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාළ ස්ථානයෙන් ඇමෝනියා නයිට්‍රේට් පුපුරන ද්‍රව්‍ය කිලෝ 15ක්, වෝටර් ජෙල් කූරු 6ක්, සේවා නූල් 35ක්, ඩෙටෙන්ටර් 20ක් ඇතුලු උපකරණ තොගයක් සොරාගෙන තිබුණේ පසුගිය දෙසැම්බර් 22 වනදායි.