FAST NEWS

24×7 Around the Globe

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.   

එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ පසුගිය 30 වනදා වෙළඳසැල් හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන PCR පරීක්ෂණ 120 ක් සිදුකළ බවයි.

එහිදී හඳුනා ගැණුනු ආසාදිතයන් 7 දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ආසාදිතයින් අදාළ මධ්‍යස්ථානවලට යොමුකර ඇත.