FAST NEWS

24×7 Around the Globe

රියදුරු බලපත්‍ර මුද්‍රණය අද සිට හමුදාව යටතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන සියලුම රියදුරු බලපත්‍ර යුද හමුදාව මූලිකත්වයෙන් මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරයි.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවේ.

එහි මූලික අදියර යටතේ පළමු රියදුරු බලපත්‍රය නිකුත් කිරීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී අද සිදුකිරීමට නියමිතය.