FAST NEWS

24×7 Around the Globe

අද සිට අහෝසි වන බදු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2021 අයවැයෙන් යෝජනා කල බදු සංශෝධන කිහිපයක් අද සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද (01) සිට අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මාසයකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකු උපයන විට බද්ද ගෙවිය යුතුව තිබූ අතර එය මින් ඉදිරියට බලපැවැත්වෙන්නේ මසකට රුපියල් 250,000 කට වඩා වැඩි ආදායමක් උපයන පුද්ගලයන්ට පමණය.

මේ අතර ඉතුරුම් ගිණුම්වල පොළිය මත මෙතෙක් සියයට 05 ක රඳවා ගැනීමේ බද්දක් අය කළ අතර එම බදු අය කිරීම අද සිට අහෝසි වේ.

කාර්තුවට රුපියල් මිලියන 75 කට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් පවතින ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අය කිරීමද අද සිට නතර කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.