FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පාසැල් ගැන ගත් තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින තත්ත්වය තුළ බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11 වනදා විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.   

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජනවාරි මස 11 වනදා ආරම්භ කෙරෙන පාසල් සඳහා සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස්කිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවය.