FAST NEWS

24×7 Around the Globe

මහර බන්ධනාගාර ගැටුම අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහර බන්ධනාගාරයේ ගැටුම ගැන සෙවූ පංච පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසයි.   

එම යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ පසුගිය නොවැම්බර් 29 වනදා ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව කමිටුවේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට ඊයේ පස්වරුවේ භාරදෙනු ලැබීය.