FAST NEWS

24×7 Around the Globe

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හෙට සිට යුද හමුදාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (01) සිට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යුද හමුදාවට භාර දී ඇති බව මෝ‌ටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේය.   

එම දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය මෙතෙක් සිදුකරනු ලැබුවේ පෞද්ගලික ආයතනයක් මගින් බව ද ඒ මහතා පවසයි.

ඒ අනුව හෙට සිට යුද හමුදාව විසින් නිල වශයෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කරනු ඇති.