FAST NEWS

24×7 Around the Globe

ජනවාරියේ සිට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (31) පෙරවරු 10. 00 ට රැස්වීමට නියමිතය.  

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණ කොමිසම විසින් ඉදිරියේදී ගනු ලබන තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වන බවයි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතය.

නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එළ⁣ඹෙන ජනවාරි මාසයේදී නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.