FAST NEWS

24×7 Around the Globe

දේශීය කොරෝනා පැණියට ආයුර්වේද අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ දේශීය ඖෂධය සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වෙයි.

එය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යවා අදාළ අනුමැතිය හිමිවූ පසු සායනික පරීක්ෂණ සඳහා යොමුකළ හැකි බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර පැවසීය.