FAST NEWS

24×7 Around the Globe

මහර ගැටුමෙන් මිය ගිය තවත් රැඳවියන් පිරිසක් ආදාහනය කරන්න අවසර

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මහර බන්ධනාගාර සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වූ තවත් රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන ලෙස අධිකරණය නියෝග කරයි.

ඒ අද වත්තල මෙම නඩුව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද කැඳවූ අවස්ථාවේදිය.

අදාල මළ සිරුරු 4 න් 3 ක් කොරෝනා ආසාදිත සිරුරු ලෙස හඳුනාගෙන තිබේ.

සිද්ධියෙන් 11 දෙනෙකු මියගිය අතර ඉතිරි මළ සිරුරු තුනෙහි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ද සිදුකිරීමට නියමිතය.