FAST NEWS

24×7 Around the Globe

වර්ෂාවෙන් ගොඩනැගිල්ලක් යටවී පුද්ගලයෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ඉදිකරගෙන යනු ලබන නව ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යටවීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම ගොඩනැගිල්ලේ බිම් මහල සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත.

මෙහිදී මියගොස් ඇත්තේ එහි සේවය කරමින් සිටි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර අද(30) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

ජලයෙන් යට වූ බිම් මහලේ තවත් පුද්ගලයින් පස් දෙනෙකුද රැඳී සිට ඇති අතර, පසුව ඔවුන්ද බේරා ගෙන ඇත.