සිරියාවේ රෝහලකට ගුවන් ප්‍රහාරයක් එල්ලවිය. තිස් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ප්‍රංශ ප්‍රවෘත්ති වාර්තා සදහන් කළේය.
72 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය අය අතර රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ද වන බව සිරියා බලධාරින් ප්‍රකාශ කළේය.
සිරියාවට එල්ලවූ ගුවන් ප්‍රහාර හේතුවෙන් රෝහල් 06 ක් මෙ වන විට වසා දමා තිබේ.
ගිලන්රථ රැසක් ද මුළුමනින්ම විනාශයට පත්විය. ගැටුම් උත්සන්නවී ඇති ප්‍රදේශවල හදිසි සේවා වෙනුවෙන් එක් රෝහලක් පමණක් විවෘත කර ඇති බව බීරුට් වාර්තා සදහන් කළේය.







